කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කිරිම සදහා පොලිස් නිලධාරීන් 20 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
එසේම මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
ඉදි කෙරෙමින් පවතින කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (07) සහ පෙරේදා (06) අවස්ථා දෙකකදී ගිනි ගැනීම් වාර්තා විය.