නිමල් රාජපක්ෂ
කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ අද (13)පෙරවරුවේ කළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රවේශපත් නොමැතිව දුම්රියේ ගමන් කළ මගීන් විසි තුන් දෙනෙකු දුම්රිය ආරක්ෂ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් අට දෙනකු සිටි බවයි දුම්රිය ආරක්ෂණ නිලධාරීන් පැවසුවේ.
අත්අඩංගුවට ගත් මගීන් 19 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 57 760/ දඩ මුදලක් අය කරනීමට දුම්රිය ආරක්ෂණ නිලධාරීන් සමත් වී ඇත .
ඒ මොහොතේ දඩ ගැනීමට නොහැකි මගීන් ඇපකර තබා ගොස් ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරරී අනුර ප්‍රේමරත්නම මහතාගේ උපදෙස් මත දුම්රිය මූලස්ථාන පරීක්ෂක සුසිල් ප්‍රේමලාල් මහතාගේ අධීක්ෂණය යටතේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරීන් පාලත පුෂ්ප කුමාර මහතා නිලධාරීන් හා නිලධාරිනියන් තිස් දෙනෙකුගෙන් සමන්විතව මෙම වැටලීම සිදු කළහ
