.
නිමල් රාජපක්ෂ-
කොළඹ වරායේ බහාලුම් තදබදයට විසදුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කර නිම කරන ලද බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස අද (03) දින විවෘත විය.
කොළඹ වරායේ බහාලුම් තදබදය පසුගිය සති කිහිපයේ රටේ ප්‍රබල ම ගැටලුවක් විය. එම ගැටලුව සරලවම පැහැදිලි කළ හොත් දිනපතා බහාලුම් 300 කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි පරීක්ෂණ කිරීම සඳහා වරාය තුළ අවම වශයෙන් දින 03 ක් වත් තබා ගැනීමට සිදුවීමෙන් දිනෙන් දින තදබදය වැඩිවීමයි.
මේ ගැටළුව සඳහා සෘජුව මැදිහත් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කළ කැබිනට් අනු කමිටුවේ තීරණය මත වරාය සීමාවෙන් මෙපිට ඇති බ්ලූමැන්ඩල් ඉඩමේ අක්කර 5 ක ප්‍රමාණයෙන් 2.5 ක කොටසක් නිසි පරිදි සකස් කර කෙටි කාලීන විසඳුමක් ලෙස ජනවාරි මස අවසන් වන විට රේගුවට භාර දීමට සාකච්ඡා විය.
මේ අවස්ථාවට සහභාගී වූ වරාය අධිකාරියේ සභාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අප විසින් වහා ම ක්‍රියාත්මක ව මහත් වෙහෙසක් දරා මෙම අංගනය සූදානම් කළ ද ඉතිරි කටයුතු සියල්ල ශ්‍රී ලංකා රේගුව මත තීරණය වන බවයි. මේ විශේෂ අවස්ථාවට සහභාගී වූ වරාය අධිකාරියේ උප සභාපති එම්.පී. ජයවර්ධන මහතා සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා මෙම කටයුත්ත මහත් පරිශ්‍රමයෙන් මෙහෙය වූ බව සභාපතිතුමා ප්‍රකාශ කලේය