නිමල් රාජපක්ෂ-
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් සිදු වුවත් මේ වනවිට වර්ෂාව මධ්‍යයේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
දැනට දිවයිනේ පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණ කටයුතු සිදු කරන බව වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා පැවසුවේය.
ඔහු සඳහන් කළේ, මේ වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම් අවදානම් මට්ටම දක්වා ඉහළ ගොස් නොමැති අතර ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ක්ෂණික අවදානමක් ද නොමැති බවයි.
එසේම, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, ඒ අනුව ගංගාවල ජල මට්ටම්ද පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, කාලගුණික තත්ත්වයේ වෙනස්වීම් පිළිබඳව ජනතාව අවධානයෙන් සිටින ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිල දැනුම්දීම් පිළිපදින ලෙසත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
