Spread the love

කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියෝග කළ බවත් සුරා බදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ සියළුම නිලධාරීන් ස්ථාන මාරු සිදුකිරීමට නියෝග කළ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා වැඩි දුරටත් පවසුවේය.

එමෙන්ම මෙම ක්‍රියාවන්ට සම්බන්ධ සියලුම නිලධාරීන්ට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.