Spread the love

ගංවතුර කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ ජනජීවිතයේ කොටසක් වෙන්න ඉඩ දෙන්න බැහැ කොළඹ දිස්ත්‍රික්කය තුළ අනවසර ඉදිකිරීම් සඳහා අනුමැතිය දීම හෝ සංවර්ධනය කටයුතු මුවාවෙන් ජනතාව අවදානමේ හෙලන ජනාවාස ඉදිකිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ඊයේ (09)පැවති කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්විම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

කොළඹ දිස්ත්‍රික්කය ගංවතුර තත්ත්වය නිසා මෙතරම් අවදානමට ලක් වී ඇත්තේ කිසිදු සැලසුමක් හෝ නීතිරීති පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන ලද ඉදිකිරීම් හේතුවෙන්අතිශය පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර අනුව ගත් තීන්දු තීරණ නිසා දිස්ත්‍රික්කය සහ ජනතාව මෙම අවදානමට ලක් වී තිබෙනවා.

පසුගිය දිනවල ඇති වූ කුණාටු තත්ත්වයෙන් විශාල වශයෙන් ජීවිත හා දේපළ හානි සිදු වූ දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයට ඇති වූ හානිය අඩුයි, නමුත් දිස්තික්කය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීමට, අදාළ ආයතන සමඟ එක්ව විශේෂ මැදිහත්වීමක් සිදුකරනවා