නිමල් රාජපක්ෂ
ගණේමුල්ල පරක්න්දෙණිය හෙට්ටිකන්ද ප්‍රදේශයේ වාහනයක් පරික්ෂා කිරීමේ දි එහි සිටි පුද්ගලයින් දෙදනා පිලිබද සැකසිතී කල පරික්ෂාවේදී ලද තොරතුරු මත ගිනි අවි සහ ජිව උණ්ඩ තොගයක් , හමුදා නිලඇදුම් දෙකක් ගණේමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත..
බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරන්ත මහතා බස්නාහිර පලාතේ දියත් කර තිබේන විශේෂ සෝදිසි මෙහෙයුමමට සමගාම පෙරේදා (18) සවස ගණේමුල්ල පොලිසිය මගින් දියත් කල සෝදිසි මෙහෙයුමේදි මෙම ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට සමත්වි තිබේ.
එහිදි අදාල සැකකරුවන් දෙදෙනාගනේ ප්‍රශ්න කිරීමේදි ගණේමුල්ල මීගමුව දළුවපොත හා කදාන කටාන කදිරාන යන ප්‍රදේශ සගවා තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240ක්, මත්පෙති 300ක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, ටී 56 ජීව උණ්ඩ 138ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 290ක් ඇතුළු මත්ද්‍රව්‍ය සහ ආයුධ තොගයක් හමුදා නිල ඇදුම් හා ගිනි අව්යක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සැකකරුවන්ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, යුද හමුදාවේ හිටපු සෙබළෙකු ද ඒ අතර සිටින බව පොලිසිය පැවසුවේය.
බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරන්ත මහතාගේ උපදෙස් මත, සිදු කල මෙහෙයුමේදි , , නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ,ජේෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ, සහකාර පොලිස් අධිකාරී කුවින්ටස් පෙරේරා, ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.පී.එස් .ප්‍රියන්ත, ගණේමුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පුෂ්ප කුමාර. සැරයන් තිලකරන්ත,කොස්තාපල් ඉසුරු ,නාමල් , බාලසුරිය ,බණ්ඩාර , ජයසිංහ යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ
