නිමල් රාජපක්ෂ
“
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සායනික සංගමයේ සමාරම්භක ශාස්ත්‍රීය සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ එම විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සමගාමීව විද්‍යායතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද හදිසි ප්‍රතිකාර ඒකකය ද රෝගී ප්‍රතිකාර සේවාවට එක් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මානසික සෞඛ්‍යය යනු සමස්ත සෞඛ්‍යයේ සහ මානව යහපැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් වන බැවින්, එය ප්‍රවර්ධනය කිරීමත්, ගුණාත්මක මානසික සෞඛ්‍ය සේවාවන් වෙත සියලු දෙනාට ප්‍රවේශ වීමේ අවස්ථාව තහවුරු කිරීමත් සෞඛ්‍ය පද්ධතියේ සාමූහික වගකීමක් බව අවධාරණය කර සිටියේය.
ශ්‍රී ලංකාවේ විශේෂිත මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය රෝගී සත්කාරයට පමණක් සීමා නොවී, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ පුහුණුව, අධ්‍යාපනය සහ පුනරුත්ථාපන සේවා වෙනුවෙන් ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
.
සායනික සංගමයේ සමාරම්භක ශාස්ත්‍රීය සැසිවාරය යටතේ මානසික සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ සමකාලීන විෂය පථයන් රැසක් පිළිබඳව දැනුම හා වෘත්තීය අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි. ඒ යටතේ මානසික සෞඛ්‍යය, ස්නායු සංජානන පුනරුත්ථාපනය, ජීවන රටා වෛද්‍ය විද්‍යාව, ළමා හා යොවුන් මානසික සෞඛ්‍යය මෙන්ම ඩිජිටල් තාක්ෂණය සහ මානසික සෞඛ්‍ය සේවාවන්හි අනාගත දිශානතිය පිළිබඳව ද අවධානය යොමු විය.
මීට අමතරව, තරබාරුකම කළමනාකරණය කිරීම සඳහා වන විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්රවේශයන් පිළිබඳ විශේෂ දේශනයක් විශේෂඥ වෛද්‍ය අනූෂ්කා වික්‍රමරත්න මහත්මිය විසින් පවත්වන ලද අතර, මානසික සෞඛ්‍යය හා කලාව අතර පවතින සම්බන්ධතාව පිළිබඳ සැසියක් ද පැවැත්විණි. විවිධ වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරන විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැති පැනල් සාකච්ඡාවකදී අදාළ ක්ෂේත්රයන්හි දැනුම, වෘත්තීය අත්දැකීම් සහ අදහස් හුවමාරු කර ගැනීම ද සිදු විය.
1926 වසරේ ආරම්භ කරන ලද අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සියවසක සේවා ඉතිහාසයක් සනිටුහන් කරයි. එහි වෘත්තීය හා ශාස්ත්‍රීය කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 වසරේදී සායනික සංගමය ස්ථාපිත කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 140කට ආසන්න පිරිසකගෙන් සමන්විත මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වන්නේ සෞඛ්‍ය වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, සායනික දැනුම පුළුල් කිරීම සහ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීමයි.
මෙම අවස්ථාවට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දම්මික අලහප්පෙරුම, නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය මහේෂිකා වන්නිආරච්චි, සායනික සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය සමන් වීරවර්ධන සහ එහි ලේකම් වෛද්‍ය උපේකා කරියවසම් යන මහත්ම මහත්මීන් ඇතුළු හිටපු අධ්යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන පිරිසක් ද එක්ව සිටියහ.
