Spread the love

පාසල් සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන ගුරුවරුන් ගුරු තනතුරේ පිහිටුවන ලෙස රජයට බලකරමින් මේවන විට දිවයින පුරා සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතිබව ශ්‍රී ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති හේමන්ත කේ ආරච්චි මහතා පැවසීය.

ඒ අනුව පසුගිය අඟහරුවාදා (11) සිට කොළඹදී අඛණ්ඩව එම සත්‍යග්‍රහය පැවැත්වෙයි.

වසර 04 අධික කාලයක සිට පාසල් වල සංවර්ධන නිලධාරීන් ලෙස ඉගැන්වීම් කටයුතු කරන බව පැවසීය.

ගුරුවරුන් පස්වරු 01.30 සේවයෙන් බැහැර වුවද ගුරුවරුන් සේ ඉගැන්වීම් කටයුතු කරන සිය සංගමයේ නිලධාරීන්ට පස්වරු 03.30 දක්වා රැදී සිටිමට සිදුව තිබේ. පාසල් නිවාඩු කාලයේ පවා පාසල් වල සේවය කර බව සභාපතිවරයා පැවසීය .

ඒ හේතුවෙන් පාසල් වල දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කර සියලු ගුරු තනතුරෙ ස්ථිර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එලෙස ස්ථිර කරන තුරු අඛණ්ඩව සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.