නිමල් රාජපක්ෂ
තායිලන්තයේ සිට ගුවන් මගින් මෙරටට ත්යාගයක් ලෙස ආනයනය කරන ලද මේස කොටස් ලෙස සකස් කළ සැකකටයුතු භාණ්ඩ කිහිපයක් පෑලියගොඩ ප්රදේශයේ රේගු ගුදමක දී රේගු පරීක්ෂාවට ලක් කිරීමේ දී එම මේස ලෑලි අභ්යන්තරයේ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 24ක් (24,280,000/-) වටිනා කැනබිස් (ගංජා) ග්රෑම් 2428 ක්/- සහ රුපියල් මිලියන 133ක් (133,720,000/-) ක් වටිනා හෂීශ් මත්ද්රව්ය (හෑෂ්) 13372g/-ක් සහ 29 හැවිරිදි රාගම ප්රදේශයේ පදිංචි සැකකරුවෙකු රේගු භාරයට ගැනීමට ශ්රී ලංකා රේගුවේ මගී සේවා අංශයේ නිලධාරීන් සමත් විය.
ජ්යෙෂ්ඨ රේගු අධ්යක්ෂ (මගී සේවා )ගේ උපදෙස් මත ශ්රී ලංකා රේගුවේ මගී සේවා අංශයේ නියෝජ්ය රේගු අධ්යක්ෂ එම්.කේ.ආර් කුමාර මහතා විසින් මෙම සැකකටයුතු භාණ්ඩ තොගය හඳුනා ගෙන ඇත.
, මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය මගී සේවා අංශයේ රේගු නිලධාරීන්,රේගු මත්ද්රව්ය පාලන ඒකකයේ නිලධාරීන් සමග මෙම මත්ද්රව්ය තොගය රේගු භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්ද්රව්ය තොගය පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.
