Spread the love

   නිමල් රාජපක්ෂ     

පසුගිය දින දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නැගෙනහිර මාර්ගයේ කලා වැව හා මොරගොල්ලාගම දුම්රිය ස්ථාන අතර පිහිටි කලාවැව පාළම හා කන්තලේ දුම්රිය ආසන්නයේ පැවති අවහිරතාවය අවසන් කිරීමෙන් අනතුරුව ඊයේ දින චීනවරාය දුම්රිය ස්ථානයේ සිට සීදූව දක්වා භාණ්ඩ පුරවන ලද භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සාර්ථකව ධාවනය කිරීමට හැකි විය.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ දී මගී දුම්රියයන් නැගෙනහිර මාර්ගයේ ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන අතර , නැගෙනහිර මාර්ගයේ මඩකළපුව දුම්රිය මාර්ගයේ මහව සිට පොළොන්නරුව දක්වා මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු අවසන් කොට ඇති අතර පොළොන්නරුව සිට මනම්පිටිය දක්වා මාර්ග පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතී