පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස 22 අදාළව වෙන වෙනවම නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ ඒ මැතිවරණ කොට්ඨාසයට තරග කරන අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ වෙනස් වීම හේතුවෙනි.
සාමාන්‍යයෙ මැතිවරණයකදි ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඡන්ද පත්‍රිකාවේ එක් තීරුවක අකාරාදි පිළිවෙළට සඳහන් වෙයි.
නමුත් මෙවර මැතිවරණ කොට්ඨාස 03ක් හැර මැතිවරණ කොට්ඨාස 19ක ඡන්ද පත්‍රිකාව තීරු දෙකකට මුද්‍රණය කර ඇතිබව පැවසීය.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු ආරක්ෂක කටයුතු මේ වනවිට සංවිධානය කර තිබේ.
ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරිම පෙරවරුවේ ආරම්භ වීම නියමිත බව පැවසීය.
රාජ්‍ය සේවකයන් ලක්ෂ 02 අධික සංඛ්‍යාවක් මෙවර මැතිවරණ රාජකාරි සඳහා යොදවා තිබේ.
මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු තරග කරයි.
ඉන් අපේක්ෂකයන් 5015ක් පක්ෂවලින් ඉදිරිපත් වී සිටියී.
ස්වාධීන අපේක්ෂකයන් 3346ක් මහ මැතිවරණය සඳහා තරග වදීයී.