Spread the love

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී ඇත.

කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

1908 වසරේ නිව්යෝර්ක් නුවර පැවැති එම විරෝධතාවට 15,000කට වැඩි පිරිසක් එක්වී තිබේ.

1970 සහ 80 දශකයේ නැවතත් කාන්තා අයිතීන් දෙසට අවධානය යොමු වුයේ සම වැටුප් ඇතුළු සම කාන්තා අයිතීන් වෙනුවෙන් සහ කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තාවන් හඬ නැගීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ද අවධානය යොමුවූ අතර ඔවුන් පළමුවරට ජාත්‍යන්තර දිනය සැමරුවේ 1975 වසරේ දී ය.

1977 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ඔවුන් මාර්තු 8 එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමටත් කටයුතු කළේය.

මාර්තු 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ස්ථිරව පිළිගැනුනේ ඉන් පසුවය.