Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සම්මේලනය ලබන මස 02 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා කිහිපයක් එහිදී සම්මත කර ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් මට්ටමින් කොළඹට කැදවීම මේ දිනවල සිදුවෙයි.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සදහා ඔවුන් එලෙස කැඳවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.