Spread the love

ජිල් බෝලයක් හෝ ගසා නොමැති පුද්ගලයින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලෝක කුසලානයේදී තරග දෙකක් පමණක් පරාජය වූ බවත් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර තමා ක්‍රීඩා ඇමතිවීමෙන් පසුව පැවැත්වූ ක්‍රිකට් තරග 12 න් 7 ක්ම ජයග්‍රහණය කර ඇති බවයි ඹහු පැවසුවේ.

ඇමතිවරයා එසේ පැවසුවේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටක් වශයෙන් ක්‍රිකට් කණ්ඩායමේ දරුවන්ට උදව් කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් ක්‍රීඩාව ගැන කතා කිරීම සුදුසු නොවන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.