Spread the love

වැල්ලවාය – මොනරාගල මාර්ගයේ කුඹුක්කන කළු පාලම මතදී ටිපර් රථයක්, ට්‍රැක්ටර් රථයක් මුහුණට ගැටීමෙන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වි තිබේ.

අනතර සිදුවී අද අලුයමය

අනතුරින් ට්‍රේලරයේ ගමන්ගත් පුද්ගලයින් 10 දෙනාගෙන් අටදෙනෙකු බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවන දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ අනෙක් තිදෙනා මේ වනවිට මොනරාගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.