ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වටා සිටින ඩීල්කාරයන් පිරිසක් අනාගතයේදී ඔහුට මොනවා කරාවියිදැයි නොදන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එම ඩීල්කාරයන් පිරිස හිටපු ජනාධිපතිවරයා නොමග යවමින් සිටින බවද පැවසූ ඔහු සිරිසේන මහතාට විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිටින බව ද පැවසීය.
මෙම ඩීල්කාරයන් දෙන ලණුවලින් මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල අමාරුවක වැටී ඇති බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
