ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරනවා.
එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ අවස්ථා දෙකකදීම ඩීසල් මිල අඩු කළද සමස්ත ලෙස ඒ අඩුවීමේ ප්‍රතිශතය 2.8%ක් පමණක් බවත්, කොමිසමට අනුව බස් ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමට නම් අවම වශයෙන් 4% ක අඩුවීමක් අවශ්‍ය වන බවයි .
එසේම වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් මේ මාසය තුළ සිදු කිරීමට නියමිත බවද, එහිදී ඩීසල් මිල පහත වැටීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකොට බස් රථ අමතර කොටස්වල මිල අඩු කිරීම ඇතුළු කරුණු දොළහක් සැලකිල්ලට ගනු ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
