Spread the love

නිමල් රාජපක්ෂ-

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ අභිනවයෙන් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල වෙත අවශ්‍ය ඉන්ධන රැගත් බවුසර් රථ දෙකක් (02) එම දූපත වෙත ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීමට නාවික හමුදාව විසින්, අද දින (2026 නොවැම්බර් 26) කටයුතු කරනු ලැබීය.

ඩෙල්ෆ්ට් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ඉන්ධන පිරවුම් හල ස්ථාපිත කෙරුණු අතර, ඩෙල්ෆ්ට් දූපතේ ප්‍රවාහන සේවා කාර්යක්‍ෂමව සිදුකිරීම මෙමඟින් අපේක්‍ෂා කර ඇත.

තවද, අභිනවයෙන් ස්ථාපිත කරන ලද ඉන්ධන පිරවුම්හල වෙත අවශ්‍ය ඉන්ධන රැගත් බවුසර් රථ කන්කසන්තුරය වරා‍යේ සිට ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම උතුරු නාවික විධානයට අනියුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණගජ නෞකාව මඟින් සිදුකෙරුණු අතර, නාවික හමුදාව  මෙලෙස පහසුකම් සැලසීම මඟින්, ඩෙල්ෆ්ට් දූපතේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇත.