Spread the love

හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තිලිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

හෝමාගම දිසා අධිකරණයේ රාජකාරියේ නියුතු සිතාසි බෙදා දෙන්නෙකුට අයුතු අවහිරය, සාපරාදි බිය ගැන්වීම, රාජකාරීයට බාධා කිරීම සිදු කිරීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.