ඇතැම් දේශපාලන පක්ෂ ස්වාධීන බවට පැවසුවද, ඔවුන් සතුව ඩීල් ඇති බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පැවසුහ.
ඒ අනුව, ඔවුන්ගේ ‘ෆයිල් එකක් එළියට ගන්නා’ බවට බිය කළ පසු, ඔවුන් බියට පත්වී ඡන්දය ලබාදෙන බවයි අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.
සිය පක්ෂය කිසිවෙකුත් සමඟ ඩීල් නොමැති බවත්, තුන්දෙනෙක් පමණක් සිටි පක්ෂය 159කට ගියා නම්, එකක් සිටින තම පක්ෂයට ද රට ඇල්ලිය හැකි බවයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
