Spread the love

නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (27) දින නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා සභාපතිවරයා සදහා යෝජනා කෙරුණු අතර, ඔහු ඡන්ද 07 ක් ලබා ගන්නා ලදී.

උප සභාපතිවරයා ද තේරිම විවෘත ඡන්දයකින් පැවති අතර, සමගි ජන බලවේගයෙන් තරග වැදුනු නඩරාජා සිවකුමාර් මහතා මහතා විවෘත ඡන්ද 12 ක් ලබා ගනිමින් තේරිපත් වූ අතර, උපසභාපතිවරයා වශයෙන් තරග කල කොලුන්දුවේල් ඉරාජේන්ද්‍රන් මහතා ඡන්ද 07 ක් ලබා ගන්නා ලදි.

උපසභාපතිවරයා තේරිමෙදි ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වාධීනව කටයුතු කරනු ලබුවා.

ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගය එකට එක්වී බලයක් නොමැති පළාත් පලන ආයතන වල බලය පිහිටු වීමට කටයුතු කල අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිමේදි සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සංධානයේ පලනි දිගම්බරම් මහතා නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමේදි ලංකා කම්කරු කොංග්‍රසයට එරෙහිව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගයට ලබා දුන් අතර, ජාතික ජන බලවේගයේ සභිකයින් එම සභිකයින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා තෝරා පත් කර ගැනිමට සහයෝගය දක්වන ලදී.