Spread the love

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල අද (27) ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත්ත කිරීමට නියමිතයි.

එය “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල” ලෙස නම්කර තිබේ.

2004 දෙසැම්බර් 26 වැනිදා ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් පසුව මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ විය.

ඒ අනුව මහමෝදර පිහිටි මාතෘ රෝහල හෙට සිට කරාපිටිය ප්‍රදේශයේ පිහිටි නවීන අංගසම්පූර්ණ මෙම ගොඩනැගිල්ලේ ක්‍රියාත්මක වෙයි.

ජර්මන් රජයේ ආධාර ඇතිව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහල ආසන්නයේ මෙම ගොඩනැගිල්ල පිහිටිම හේතුවෙන් ගැබිනි මවුවරුන් ඇතුළු සායන සඳහා පැමිණෙන කාන්තාවන්ට විශාල පහසුවක් වෙයි.