Spread the love

නිමල් රාජපක්ෂ

අකුරැස්ස , දෙනගම , ගාල්ල ,මාතර ,වලස්මුල්ල හා හක්මන යන ප්‍රදේශවල ඹක්තෝබර් මාසයේ නීති විරෝධී මත් ජාවාරම් කරුවන්122 හා බීඩි කර්මාන්ත කරුවන් වටලා අධිකරණ වෙත හා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිිපත් කොට බදු හා දඩ මුදල් ලෙස රුපියල් 10093342/-ආදායමක් රජයට ලබාදීමට දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සමත්වී ඇත.

මෙම සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 4 ක්,ස්ප්‍රීතු ළග තබා ගැනීම් 94 ක් , නීති විරෝධි සිගරැට් ළගතබාගත් 6 ක්,බලපත්‍ර නොමැතිව විදේශ මත්පැන් අලෙවිකල11 ක් දුම්කොල බදු පනත යටතේ තවත් 5 දෙනෙක් දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරුවන් ගාල්ල,මාතර හා වලස්මුල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කොට රුපියල් 3073694 දඩ මුදලක් අයකරගෙන ඇත

බීඩි ලියාපදිංචි සහතික ලත් බලපත්‍රධාරීන් 07 දෙනෙකු සතුව තිබු බදු ගෙවීම පැහැර හරින ලද බීඩි 1173236 ට සඳහා පසුගියදා(2026.11.09) දින සමථ මුදල් හා බදු මුදල් ලෙස රුපියල් 7,019,648.00 මුදලක් ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියම කළහ.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් කලා රසික විජේසිංහ , ගාල්ල සුරාබදු අධිකාරි වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මංජුල ලියනආරච්චි මහතා ගේ මෙහෙයවීමෙන් හා සහභාගීත්වයෙන් දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ පරීක්ෂකවරුන්වන ලක්ෂාන් ,උදාර ,සැරයන් විරාජ්, ජයන්ත ප්‍රේමකුමාර,කෝප්‍රල්වරුන්වන හර්ෂනාත්,ඉන්දික ,උදාන ,නියාමක හසිදු,චරිත්, නියාමිකා එරංගිකා, රියදුරු ලක්මාල්, චන්දන යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.