රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියාට විදේශගත වීම වලක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
පුද්ගලයෙකු විදේශගත කරන බවට පවසමින් රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කළේ යැයි අධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනාවකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉල්ලීම අධිකරණයෙන් සිදුකර තිබින.
දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂිත ඇප අයදුම් පත්‍රයද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙවන විට ඇය සහ ඇගේ සැමියා පැපිලියානේ නිවසින් අතුරුදහන් වී සිටින අතර රහස් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.
