Spread the love

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමයේ සංවිධායක එරංග ගුණසේකර මහතා විසින් කරන සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව සමාජ ජාල වල වාද විවාද ඇති වී තිබේ.

ඔහු තම සමාජ ජාල ගිණුවේ තබා ඇති අදාළ සටහනේ සඳහන් කර ඇත්තේ කුරුදු සුද්දන් විසින් ලංකාවට ගෙන එන ලද භෝගයක් බවයි.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් බොහෝ පිරිස් සඳහන් කර ඇත්තේ කුරුඳු යනු ලංකාවට ආවේණික ශාකයක් බවත් වසර සිය ගණනක් තිස්සේ මෙරට භාවිත කර ඇති බවට සාක්‍ෂි ඇති බවත්ය.

තවත් පිරිසක් පෙන්වා දෙන්නේ එරංග ගුණසේකර මහතාගේ ප්‍රකාශයද වැරදි නොවන බවය.