නිමල් රාජපක්ෂ-
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ඉදිරිපිට පාර මාරුවීම සදහා රුපියල් ලක්ෂ 650 ක වියදමකින් ඉදිකළ උමං මාර්ගය එම පාසලේ දරුවන් අතින් පසුගියදා (05) වීවෘත කෙරිණ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මේ සදහා මුදල් ප්‍රතිපාදන ලබා දී එම උමං මාර්ගය ඉදිකිරීම සිද කර තිබේ.
මෙම උමං මාර්ගය ඉදිකිරීම තුළින් පාසල් දරුවන් රියඅනතුරු වලට ගොදුරු නොවී ඹවුන්ගේ ආරක්ෂාව ඉතා තදින් තහවුරු වනු නොඅනුමානයි.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා, මලියදේව විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු අචාර්ය මණ්ඩලය හා සිසු දරුවෝ ද එක්ව සිටියහ. මෙම පාසලේ ආචාර්ය මණ්ඩලය සිසු දරුදැරියන්ගේ දෙමාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සහභාගී වු සියලුම නිලධාරීන් මෙන්ම ගම්වැසියෝ ද මේ මහඟු කටයුත්ත පිලිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කලහ.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න