මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භූ ගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබා නොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
මිනුවන්ගොඩ අල් අබීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේ විභාග අපේක්ෂකයන් 14 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
එහි සේවය කල ශාලාධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය මේවන විට විභාග දෙපාර්තමේන්තුවට කැදවා පරීක්ෂණ ආරම්භ කර තිබේ
මේ අතර එම දරුවන් කිසිවෙකුටත් අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව වැඩිදුරටත් පැවසුවේය.
