Spread the love

 

ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මතුවන ගැටළු සහ දුෂ්කරතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කෙරේ.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (AMS) නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටි අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති වෛද්‍යවරුන් ස්ථාන මාරුවීම් වැඩපිළිවෙලේ පවතින විධිවිධාන මධ්‍යයේ තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී  අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.