දිට්වා’ සුළිකුණාටුවෙන් ඇතිවූ බලපෑමෙන් දිවයින පුරා සිදුව ඇති ආපදා තත්ත්වයෙන් පවුල් 61,175කට අයත් පුද්ගලයින් 219,282ක් පීඩාවට පත්ව තිබෙනවා.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද(28) පස්වරු 6ට නිකුත් කළ නවතම දත්තවලින් පෙන්වා දෙන්නේ ආපදා බලපෑම් රටේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති බවයි.
ඒ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331කට වැඩිම බලපෑම් එල්ල වී තිබුණා.
ආපදාවට පත් වූවන් සඳහා දිවයින පුරා සූරක්ෂිත මධ්‍යස්ථාන 266ක් ස්ථාපිත කර තිබෙනවා.
මෙම ආරක්ෂිත මධ්‍යස්ථාන තුළ, දැනට පවුල් 5,890ක් සහ පුද්ගලයන් 18,443ක් රඳවා අපදා කළමනාකරණ අංශ සහ ත්‍රිවිධ හමුදා මගින් සහන සලසනු ලබනවා.
පසුගිය 16 වැනිදා සිට අද පස්වරුව දක්වා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලද තොරතුරු මත මෙම ගණනය කිරීම් වාර්තා කර තිබෙනවා.
