Spread the love

නිමල් රාජපක්ෂ-

දිට්වා ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා හානිපූර්ණ වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ කොලොන්නාව ආසනයේ අර්ධ වශයෙන් හානියට පත් නිවාසවලට වන්දි ලබාදීමේ තවත් අදියරක් ඊයේ පැවැත්විණ. එහිදී වන්දි හිමියන්ට පළමු වාරිකයට අදාල චෙක්පත් පිරිනැමීම කොලොන්නාව පුරාණ විහාරස්ථානයේදී සිදුකෙරුණේ කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

හානිපූර්ණ වන්දි පිරිනැමීමේ වැඩසටහන යටතේ අද දින ග්‍රාම සේවා වසම් තිහක පදිංචි වන්දි හිමියන් 1,004 දෙනෙකුට චෙක්පත් පිරිනැමීම සිදුකෙරිණි.

මුල්ලේරියාව උතුර (42), අඹතලේ (21), උඩුමුල්ල උතුර (01), මාලිගාගොඩැල්ල (13), රාජසිංහගම (12), මුල්ලේරියාව දකුණ (31), මල්ගම (09), කැලණිමුල්ල (49), බැලගම (08), කොටිකාවත්ත නැගෙනහිර (50), මල්පුර (13), කොටිකාවත්ත බටහිර (16), මහබුත්ගමුව ඒ (13), කුඩාබුත්ගමුව (44), බටලන්දහේන (23), මහබුත්ගමුව බී (32), මහබුත්ගමුව සී (42), වෙන්නවත්ත (194), කිත්තම්පහුව (59), වෙලේවත්ත (26), කොටුවිල (28), සේදවත්ත (29), හල්මුල්ල (42), කුරුණියාවත්ත (03), වැල්ලම්පිටිය (42), දහම්පුර (04), සාලමුල්ල (02), මෙගොඩ කොලොන්නාව (96), ගොතටුව (01) සහ බෝපැත්ත (59) වශයෙන් ග්‍රාම නිලධාරි වසම්වල පදිංචි ජනතාවට චෙක්පත් පිරිනැමිණ.

දිට්වා හානිපූර්ණ වන්දි වැඩසටහන යටතේ මේ වනවිට කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ නිවාස හිමියන් 16,752 කට මූලික අදියරේ වන්දි පිරිනැමීම සිදුකර ඇති බවත්, නිවාස ඉදිකිරීම්වල මූලික කොටස් අවසන් කර ඇති 1,300 දෙනෙකුට දෙවන අදියරේ වන්දි මුදල් ප්‍රදානය කර අවසන් බවත් වන්දි ප්‍රදානය සදහා රුපියල් බිලියන දහයක ප්‍රතිපාදන රජය විසින් ලබාදී ඇති බවත් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා මෙහිදී පැවසීය.

වන්දිලාභීන් සඳහා චෙක්පත් පිරිනැමීමෙන් අනතුරුව සිය අදහස් දැක්වූ එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා ;
‘දිට්වා ව්‍යසනය නිසා කොලොන්නාවට විශාල හානියක් සිදුවුණා. හානියට ලක්වූ සියලු දෙනාට වන්දි ලබාදෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කලා. විවිධ ගැටළු සහගත තත්ත්වයන් තුල මේ වැඩපිළිවෙලට උත්තර ලබාදීමට පියවර ගත්තා.

ගිය වසරේ අයවැයට පසුව තමයි දිට්වා ව්‍යසනය සිදුවුණේ. වන්දි දෙන්න අයවැය වෙනස් කරන්න කියලා විපක්ෂය කිව්වා. ආණ්ඩුව අය වැය වෙනස් කලේ නෑ. ඒ වෙනුවට මුදල් වෙන්කලා. සහන දෙන්න ජනාධිපතිතුමා රුපියල් බිලියන 500 ක් වෙන්කලා. බොහෝ දෙනෙක් විශ්වාස කලේ නෑ මේ වන්දි මුදල් ලබාදෙයි කියලා. නමුත් අපි වන්දි ලබාදීම ක්‍රමවත්ව ක්‍රියාත්මක කර පක්ෂ, පාට බේදයකින් තොරව හානිපූර්ණ වන්දි ලබාදීමට පියවර ගත්තා.