Spread the love

මුල්කිරිගල ගුණරත්න

  තෝරකොළයාය, මුල්ඇඩියාවල ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පිහිටි ජලය පිරි කුඩා පොකුණකට වැටී මාස 18 ක් වයසැති සිඟිති දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. 

 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදමුලන ,කද   මඩිත්ත,වලස්ගල  ගෙදර ලිපිනයේ පදිංචි අළුපොත ගමගේ එයෝන් ධීසර අවිනාත් නමැති සිඟිති දරුවායි. 

ඊයේ 09 වන දින දහවල් 1.30 ට පමණ දරුවාගේ මව වූ වික්‍රමසිංහ මධූෂා දිල්හානි නමැත්තිය මිද්දෙණිය  තෝරකොළයාය ප්‍රදේශයේ පිහිටි  ඇගළුම් කම්හලේ සේවයට යාමට දරුවා තෝරකොළයාය මුල් ඇඩියාවල ප්‍රදේශයේ  දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පාලිකාවට බාරදී පිටව ගොස් තිබේ.  
පසුව සවස 5.30 ට පමණ සිඟිති දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානය අසළ පිහිටි ජලය පිරි කුඩා පොකුණ ක වැටී තිබෙනු දුටු පාලිකාව ඒ පිළිබඳව දරුවාගේ මාපියන්ට දන්වා ඔහු මිද්දෙණිය තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ .
 ඒ වනවිටත් සිඟිති දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
 සිඟිති දරුවා වැටී තිබූ ජල පොකුණ අඩි හතරක් පමණ දිග අඩි එකහමාරක් පමණ ගැඹුරු බවද පොලිසිය පැවසීය .
 දරුවාගේ පියා රැකියාව ලෙස කුලීවැඩ කරන අයෙකි 
 දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) ඇඹිලිපිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි .                           මිද්දෙණිය පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .