Spread the love

නිමල් රාජපක්ෂ

ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය මගින් නායයෑමේ අනතුරු ඇගිවීම් දිස්ත්‍රික් ගණනාවකට නිකුත් කොට තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අනතුරු ඇඟවීම (අම්බර්)

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, බුලත්කොහුපිටිය සහ අරණායක.

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මතුරට, වලපනේ සහ නිල්දණ්ඩහින්න.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට සහ රත්නපුර.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – මුරකරු (කහ)

හපුතලේ, * හල්දුමුල්ල සහ පස්සර
බදුල්ල දිස්ත්‍රික්කයේ.
අකුරණ, තුම්පනේ, උඩදුම්බර, දෙල්තොට, පන්විල, පූජාපිටිය, උඩුනුවර, උඩපළාත, යටිනුවර, හාරිස්පත්තුව, මැදදුම්බර සහ හතරලියද්ද.
මහනුවර දිස්ත්‍රික්කයේ.
දෙහිඕවිට, කෑගල්ල, වරකාපොළ, රඹුක්කන සහ රුවන්වැල්ල
කෑගල්ල දිස්ත්‍රික්කයේ.
රිදීගම
කුරුණෑගල දිස්ත්‍රික්කයේ.
උකුවෙල, මාතලේ සහ අඹන්ගඟ කෝරළයේ
මාතලේ දිස්ත්‍රික්කයේ.
අඹගමුව
නුවරඑළිය දිස්ත්‍රික්කයේ.
කලවාන, බලංගොඩ, අයගම, ඉඹුල්පේ, වැලිගෙපොල, ඇහැලියගොඩ, කොළොන්න සහ නිවිතිගල
රත්නපුර දිස්ත්‍රික්කයේ.