Spread the love

නිමල් රාජපක්ෂ
.
දීපාවලි උත්සවය හෙටට (8) යෙදී ඇති බැවින් නිමිත්තෙන් උතුරු පළාත තුළ, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි මත්පැන් අලෙවිසල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව 2026 නොවැම්බර් මස 08 වැනි ඉරු දින අදාළ ප්‍රදේශවල සංචාරක මණ්ඩලයේ අනුමත ර.බී.07 සහ තුන් අවුරුදු බුටික් විලා බලපත්‍ර ස්ථාන ඇතුළු අනෙකුත් සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත.

එමෙන්ම අදාළ ප්‍රදේශවල මත්පැන් අලෙවි කිරීමේ කටයුතු සිදුකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව 1913 හදිසි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

1913 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් රහස්‍ය භාවය රකින බවත් ,අදාල තොරතුර සම්බන්ධයෙන් වහාම සුරාබදු නිලධාරීන් ක්‍රියාතමක වී මත් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගන්නා බවත් සුරාබදු කොමසාරිිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පවසයි.