Spread the love

නිමල් රාජපක්ෂ-

”දුන්හිඳ ඹඩිසි” නමින් වායු සමනය කළ දුම්රියයක් හෙට පෙරවරු 6.30 ට ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනයට එක්කෙරේ.

දුන්හිද ඹඩිසි දුම්රිය ධාවයට එක් කෙරෙනුයේ බදුල්ල දුම්රිය ස්ථානයට හෙටට (05) වසර 100 ක් පිරිීම නිමිත්තේ බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම් . කේ .බඩ්ලිව් බණ්ඩාර මහතා පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරය මෙම අදහස් පළකලේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදීය .මේ සදහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එම්. ජේ ඉදිපොලගේ , වාණිජ අධිකාරි අසංක සමරසිංහ යන මහත්වරුද සහභාගිවුහ.
මෙහිදි අදහස් දක්වමින් ,”දුන්හිද ඹඩිසි”බලවේග කට්ටල දුම්රියේ ආසන 320 කින් සමන්විත වෙයි. පළමු පංතියේ මැදිරි හතරකුත්, දෙවන පංතියේ මැදිරි තුනතුත් ,තුන්වන පංතියේ මැදිරියකින් සමන්විතයි. කොළඹ කොටුවේ සිට බදුල්ලටත් ,බදුල්ල සිට කොළඹටත් 5 වැනිදා සිට දිනපතා සතියේ දින පහේම ධාවනයට එක් කෙරේ.

මෙවැනි දුම්රිය යන් ධාවයට එක් කිරිමත් සමගින් දුම්රිය දෙපාර්තුමේන්තුව ආරම්භ කළ ඊ ටිකටින් ක්‍රමවේදය මගීජනතාවට විශාල පහසුකමක් ඇතිවෙයි. කිසිකෙනෙක් පෝලිමේ දුක්විදීමේ ක්‍රමවේදයට ආයුබොවන් කියමින් මගීජනතාවයේ ගමන් අවශ්‍යතාවය මත ඊ් ටිකටින් ක්‍රමවේදය තුළින් ඉක්මන් වු කෙනාට බුක් කර ගැනීමේ පහසුකම ඇතිකර දී තිබේ. මේ ක්‍රමවේදය හරහා ඊ් වොරන්ට් බුක් කරන්නද පුලුවන් කලින් තිබු ආකාරයට ම දින 30 කට කලින් බුක් කර ගැනීමේ පහසුකම් මගී ජනතාවට ලබා දීම තුළින් ටිකට් බුක් කරන්න තැරව් කරුවන්ට මුදල් දිමට ,පෝලීම් වල පැය ගණන් රස්තියාදු වීමටද තිත තැබිය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු එච්.එම් . කේ .බඩ්ලිව් බණ්ඩාර මහතා,