නිමල් රාජපක්ෂ
දුම්රියට අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය බදවා ගැනීම සදහා රජයේ අවධානය යොමු වී ඇතැයි දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව අදාල පුරප්පාඩු තිබෙන ස්ථානවලට දුම්රිය රියදුරු ,නියාමක ,දුම්රිය ස්ථානාධිපතිවරු , තාක්ෂණ ශිල්පීන් හා රත්මලාන කර්මාන්ත ශාලාව ඇතුළු අත්‍යාවශ්‍ය සේවා ස්ථාන සදහා බදවා ගෙන ඹවුන් පුහුණුව සදහා යොමු කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.
මීට අමතරව දුම්රිය නිලධාරීන්ගේ උසස් වීම් පිළිබදවද අවධානය යොමු කර ඉදිරියේදී ඒවාට විසදුම් ලබා දීමට පියවර ගන්නා බවද ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.