Spread the love

නිමල් රාජපක්ෂ

ගම්පහ දුම්රිය ස්ථානයේ පැය හතරක ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී උපකාරක පංති වලට සහභාගිවු දරුවන් 46 දෙනෙකු ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ හොරට පැමිණ ගම්පහ දුම්රිය ස්ථානයෙක් බැස යද්දී දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගවට ගෙන ඇත.
සෝදිසි මෙහෙයුම පෙරේදා (29) දවහල් 2.00 සිට ආරම්භ කර තිබෙන අතර වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දරුවන් විශාල ප්‍රමාණයක් පාසල් නිල ඇදුමින්ම දුම්රියේ හොරට පැමිණ ගම්පහ දුම්රිය සථානයෙන් බැද යද්දි දුම්රිය ආරක්ෂක නිළධාරීන් කොටු කර ගෙන තිබේ.
මෙසේ හොරට ගමන්කළ දරුවන් බේරා ගැනීමට වෛද්‍ය වරුන් ඇතුළු ආයතන වල තනතුරු දරණ දෙමාපියන් රැසක් පැමිණ සිය දරුවන් බේරා ගැනීමට දඩ මුදල් ගෙවීමට පැමිණ සිටි බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී අත්අඩංගුවට ගත් පාසල් දරුවන් 31 දෙනෙකුගෙන් මොහොතේ රුපියල් 94240 / දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට මුදල් නොමැති කමින් ඇපකර තබා ගොස් තිබේ.
එදින ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර ගැනීමට විශාල පිරිසක් සිටි බවත්, දිගු පෝලිම් තිබු බවත්, ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීමත් සමගින් එදින සවස් වරුවේ රුපියල් හතළිස් දහසකට වැඩි ප්‍රවේශපත්‍ර ආදායමක් ලබා ගැනීමට හැකිවු බවත් ගම්පහ දුම්රිය ස්ථානාධිපතිවරයා පවසා තිබිණ.
දුම්රිය වල ප්‍රවේශපත්‍ර පරික්ෂාව දිගින් දිගටම සිදු කරන බවත් , තමන්ට හිමි පන්තියේ ගමන් කරන ලෙසත් තුන්වන පංතියේ ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ඉහළ පංතියේ ගමන් කරන මගීන්ට තරා තිරම නොබලා දඩුවම් කරන බවත් දුම්රය ආරක්ෂක නිලධාරීන් පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ,සහකාර දුම්රිය ආරක්ෂක අධිකාර් එන්.පි. ජයන්ත මහතාගේ අධීක්ෂණය යටතේ , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි පාලිත පුෂ්ප කුමාර , රාගම දුම්රිය ආරක්ෂක හමුදාවේ කාර්යභාර නිලධාරී එච්.එන්.පී.බී. හේරත් මහතා ඇතුළු නිලධාරීන් හතලිස පස් දෙනෙකු මෙම ප්‍රවේශප්‍ර පරික්ෂෘව සිදු කළහ.