Spread the love

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ඊයේ (26) රාත්‍රී 7.40 පමණ හදිසියේ කඩාවැටී ඇත.

නමුත් වාසනාවකට පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී තිබේ.

මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව මේ වනවිට අවහිර වී ඇති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවේ.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ දුම්රිය මාර්ගය හරහා කඩාවැටී ඇති පාලමේ සුන්බුන් කොටස් ඉවත්කරමින් සිටියි.

ඒ අනුව අද (27) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයෙන් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.