Spread the love

රට තුළ ජාතින් අතර පවතින සමගිය තුළින් බෞද්ධ දර්ශනීය පිළිබිඹු වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය තුළ සභ්‍යත්වය පෙන්නුම් කරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

රට තුළ බුදු දහමා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු දේවල් සිදු කළ යුතු බවයි අති උතුම් මැල්කම් රංජිත හිමිපාණන් තම දුරටත් පෙන්වා දෙන්නේ.

ශ්‍රී දළදා වන්දනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ අදහස් පළ කර සිටියා.

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වැඩම කර සිටින ශ්‍රී ලංකාව තුළ උපත ලැබීම භාග්‍යයක් බවයි තවදුරටත් උන්වහන්සේ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ. එම නිසා එළඹෙන නැරඹීමට කටයුතු කරන බවට ඔහු ඉල්ලීමක් කළා.