දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) පවත්වා තිබෙනවා.
රට සංවර්ධනය කිරීම සඳහා සියලුදෙනා එක් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි වේදිකාවක් වත්මන් රජය විසින් සකස් කර ඇති බවයි ජනාධිපති ලේකම්වරයා මෙහිදී පවසා සිටියේ.
එසේම, ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට සිය ස්තුතිය පළ කරන බවද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැලපෙන පරිදි මෙරට දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

