Spread the love


නිමල් රාජපක්ෂ

.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support – BLS) වැඩසටහනක්, පසුගියදා( 03) වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත් විණි.

ඒ අනුව, නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතියක් ලෙස නැගෙනහිර නාවික විධාන රෝහල මඟින් සංවිධානය කල මෙම වැඩසටහන මඟින්, මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම හා එවැනි හදිසි අවස්ථාවක් සාර්ථකව කළමණාකරනය කරගන්නා ආකාරය, බෝ නොවන සහ පූර්ව බෝ නොවන රෝග වැළැක්වීම, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, මානසික යහපැවැත්ම මෙන්ම, යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.