Spread the love

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල වැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලකට අදාලව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබුණි.

ඒ අනුව 2025.05.04 වන අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සිසුන් 2025.05.05 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වැඩිදුර විමර්‌ශන සිදු කර ගෙන යනු ලබයි.

නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව මත මෙම සිසුවා සිය දිවා නසා ගත් බවට චෝදනා එල්ල වෙයි.

මේ සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් සරසවි සිසුන් රැසකගෙන් හා සිසුවාගේ පවුලේ අයගෙන්ද ප‍්‍රකාශ ලබාගෙන ඇත.