Spread the love

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආර්. එම්. එස්. පී. එස්. බණ්ඩාර මහතා ඊයේ වැඩ භාර ගත්හ.

ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ඉකුත් නොවැම්බර් මස 05වනදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුවයි. 

ආර්. එම්. එස්. පී. එස්. බණ්ඩාර මහතා, මීට පෙර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ  ජනරාල් තනතුරෙහි සේවය කරනු

ඔහු ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙක්ද වෙයි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරන ලද ආර්. එම්. එස්. පී. එස්. බණ්ඩාර මහතා ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශයේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේදී නව තනතුරේ වැඩ භාර ගනු ලැබුහ.