නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 59 වැනි මිනින්දෝරු ජනරාල්වරිය ලෙස ඉන්ද්‍රාණි තිලකරත්න මහත්මිය පත්කර තිබේ.
1989 වසරේදී ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට එක්වී ඇති ඇය, එතැන් සිට වසර 37කට ආසන්න කාලයක් මිනින්දෝරු සේවයේ විවිධ තනතුරු හොබවා තිබේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව මිනින්දෝරු හා සිතියම්ගත කිරීමේ ක්ෂේත්රයට එක්වූ ඇය, විද්‍යාත්මක හා වෘත්තීය අධ්‍යාපනය ලබා තිබේ.
ඇය දියතලාව මැනුම් හා සිතියම් ගත කිරිමේ ආයතනය මගින් මැනුම් විද්‍යාව පිළිබදවව විද්‍යාවේදි විශේෂ උපාධිය (ගෞරව උපාධිය) ලැබු ඉදුනිල් තිලකරත්න මහත්මිය ජර්මනියේ ස්මගර්ට් විශ්ව විද්‍යාලය වෙතින් ජායාරේඛනමිතිය සහ භූවිද්යයනය පිළිබදව පශ්චාත් උපාධිය ලැබීය.
මිනින්දෝරු අධිකාරි, ප්‍රධාන මිනින්දෝරු අධිකාරි, පළාත් මිනින්දෝරු (ඌව) සහ අතිරේක මිනින්දෝරු ජනරාල් ඇතුළු තනතුරු රැසක සේවය කර ඇති ඇය, දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කර තිබේ.
මිනින්දෝරු වෘත්තියේ අධ්‍යාපනය හා පුහුණුව ලබාදීම සඳහාද ඇය විශාල දායකත්වයක් ලබාදී ඇති අතර, වසර ගණනාවක් පුරා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කර ලබාගත් අත්දැකීම් සමඟ නව මිනින්දෝරු ජනරාල්වරිය ලෙස වගකීම් භාරගෙන තිබේ.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ මිනින්දෝරු ජනරාල් ධුරයට පත්වූ කාන්තාවක් ලෙස ඉන්ද්‍රාණි තිලකරත්න මහත්මියගේ පත්වීම විශේෂත්වයක් දරයි.
