නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද නිල හමුවීමක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බැහැදැකීය.
මෙම නිල හමුවේදී, ජාතික වැදගත්කමකින් යුත් කාර්යයන්හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරනු ලබන කාර්යභාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳව නාවික හමුදාධිපතිවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.
තවද, මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.
