Spread the love

නිමල් රාජපක්ෂ-

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජූලි 06) ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ හමුවිය.

හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුව සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපති වෙත, ගුවන් හමුදාවේ හමුදා සම්ප්‍රදායන් හා අභිමානය පිළිබිඹු වන අයුරින් සම්ප්‍රදායානුකූල උත්තමාචාර පිරිනමමින් ගෞරවාන්විත පිළිගැනීමක් සිදු කෙරිණි.

මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් උපායමාර්ගික කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබූ අතර, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කරනු ලබන තීරණාත්මක දායකත්වය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.  

තවද, සහෝදර හමුදාවන් අතර පවතින සමීප සබඳතා සහ අන්තර් සේවා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවති මෙම නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.