නිමල් රාජපක්ෂ-
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස පත් කෙරුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ අද දින (2026 ජූලි 24) ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී එම විධානයේ ආඥාපති ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූල අභිනව ආඥාපති නැගෙනහිර නාවික විධාන මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආඥාපති ධූරය හෙබවූ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් විධාන මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරී භාරදීම සිදු කෙරිණි.
රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ධූරයට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙසද කටයුතු කරනු ලබයි.
