නිදහස් දින සැමරුම් උත්සවයේ හා එහි පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක ප්‍රමාණයක් අනියුක්ත කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි
රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් එම පෙරහුරු සහ ප්‍රධාන උත්සවය පැවැත්වීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, නිදහස් දින සැමරුම් පෙරහුරුව වෙනුවෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිතව අද උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කල අතර, එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය විසින් ජනතාවට දැනුම් දෙනු ලබනවා.
