Spread the love

සිනමා නිළි අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රියේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව ට පැමිණියේය.

ඇගේ දේහය පෙරේදා පස්වරුවේ මාදිවෙල, අනුර මාවතේ පිහිටි ඇගේ නිවස වෙත රැගෙන යාමෙන් අනතුරුව සිට මේ දක්වා ඇයට අවසන් ගරු බුහුමන් දැක්වීම සඳහා විශාල පිරිසක් පැමිණියේය.

එලෙස පැමිණි අය අතර හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ඝෝඨභය රාජපක්ෂ, චන්ද්‍රකා කුමාරතුංග යන අයද විය.

නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.