Spread the love


නිමල් රාජපක්ෂ
මීගමුව , හලාවත කල්පිටිය ‍, පුත්තලම හා දකුණු පලාතේ මුහුදු තීරයෙන් නිති විරෝධී ලෙස මෙරටට ගෙන්වු රුපියල් හතළිස් එක් කෝටියක් පමණ වටිනා තෙන්ඩු කොල තොගයක් මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ එක් එක් වර්ගයේ තොන්ඩු කොල කිලෝ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් තිබු බව ද එම දෙපාර්තුමේන්තුව කියයි.
මෙසේ නීති විරෝධී ලෙස මුහුදු මගින් තෙන්ඩු කොල විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වුවත් නාවික හමුදාව හා සුරාබදු දෙපාර්තුමේන්තුව එක්වි සිදු කළ මෙහෙයුම් වලදි බෝට්ටු විශාල ප්‍රමාණයක්ද ජාවාරම් කරුවන්ද කොටු කර ගැනීමට හැකිවි තිබේ.
ජවාරම් කරුවන් ඉතා සුක්ෂම අයුරින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා බීඩි කර්මාන්ත කරුවන් සදහා අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය වි තිබු අතර ලොරි මගින් ප්‍රවාහනය කිරීමේදීද තෙන්ඩු කොල විශාල ප්‍රමාණයක් කොටු කර ගැනීමට ද සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල වෙන්දේසි කරන අවස්ථාව වනවිට බොහෝ තෙන්ඩු කොලවල ගුණාත්මක භාවය අඩු වී තිබීම නිසා තෙන්ඩු කොල කිලෝවක් රුපියල් තුන්දාස් පන්සියයේ සිට හයදාස් පන්සියය දක්වා මිලකට අලෙවි කිරිමට හැකිවු අතර සමහරක් තෙන්ඩු කොල ලුණු මිශ්‍රවී තිබු ඒවා හා මුහුදු වතුර යාම නිසා පුස් බැදී තිබිණ . බීඩි කර්මාත්ත කරුවන්හට ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ තිබු තෙන්ඩු කොල විනාස කිරීමට පියවර ගෙන තිබිණ.

මෙහිදී අත්අඩංගුවට ගත් තෙන්ඩු කොළ බීඩි කර්මාන්ත කරුවන් සදහා ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරිමේන් රුපියල් දාහතර කෝටි තිස් නව ලක්ෂ අනුදහස් පන්සිය අනුහතක (14,39,90,597/=)ආදායමක් රජයට ලබා දීමට හැකිවු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන්.එ පේමරත්න මහතා පවසයි.

කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල සුරාබදු ප්‍රධාන කාර්යාලයේදී ජනවාරි මාසයේ 30 වන දින සිදු කළ ප්‍රසිද්ධ වෙන්දේසියේදී රුපියල් 4344780 /මුදලක්ද, වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල අප්‍රියෙල් මස 9 වන දින එම කාර්යාලයේදී වෙන්දේසි කොට රුපියල් 15,002195/=මුදලක්ද , පුත්තලම සුරාබදු කාර්යාලයේ මැයි මස 16 වන දින සිදු කළ වෙන්දේසියෙන් රුපියල් 18,405970/= කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ මැයි මස 20 වැනි දින සිදු කල ප්‍රසිද්ධ වෙන්දේසියෙන් රුපියල් 3.235950/=මුදලක්ද, පුත්තලම සුරාබදු කාර්යාලය සැප්තැම්බර් මස 11 වැනිදින සිදු කළ ප්‍රසිද්ධ වෙන්දේසියෙන් රුපියල් 46.530100/=මුදලක්ද , වෙන්නප්පුව සුරාබදු ස්ථානයේ සැප්තැම්බර් මස 25 දින සිදු කල ප්‍රසිද්ධ වෙන්දේසියේදී රුපියල් 37,649307.50 ක්ද , වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ මේ මස 09 දින සිදු කළ ප්‍රසිද්ධ වෙන්දේසියේදී රුපියල් 18,822 295/= මුදලක්ද උපයා ගැනීමට සුරාබදු දෙපාර්තුමේන්තුව සමත්වී ඇත.